විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සදහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (14) දින දිවයිනෙන් පිටත්ව ගියා.
කෙසේ නමුත් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්රනාන්දු හට ඇමෙරිකානු වීසා නොලැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (14) දින ඇමරිකාව බලා පිටත්ව නොගිය බව සඳහන්.
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව ඔවුන් ඇමරිකාව බලා පිටත්ව යනු ඇති බවත් ක්රීඩා අමාත්යංශය සඳහන් කළා.
මෙම වීසා ප්රමාදය ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා බාධාවක් නොවන බවත් නමුත් පුහුණුවීම් වලට බාධාවක් විය හැකි බවත් සඳහන්.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.