ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, 2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ඊයේ (03) සමත් විය.
තරගාවලියේ පළමු වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී ඇමරිකා කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මෙලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 123කි.
විශ්මි ගුණරත්න ලකුණු 25ක් රැස්කළ අතර හංසිමා කරුණාරත්න නොදැවි ලකුණු 25ක් රැස්කළාය.
ලකුණු 124ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇමරිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 14 ට කඩුලු තුනක් දවාගත් අතර උදේශිකා ප්‍රබෝධනි සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූවෝය.
චමරි අතපත්තු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවාය.
එම තරගාවලියේ දෙවන වටයේ තරග හෙට (05) ඇරඹෙන අතර ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.
එම තරගය හෙට රාත්‍රී 9 ට පැවැත්වේ.