අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.