ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොළඹ ඩාලි පාර ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇති අතර පොලිස් ජල ප්‍රහාරක රථ ද එහි කැඳවා ඇති බව වර්තා වේ.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමක් එම මූලස්ථානයේ පැවැත් වී තිබෙන අතර මේ වන විට අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.