මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා .

එම හමුවේදී මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව තවදුරටත් ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා .

එළැඹෙන ජූනි 26-27 දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සදහන් .

මේත් සමගම  දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව​ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක් දැක්වෙනවා