ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 වියේ පසුවූ අත​ර ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.