ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 05 කට ලබා දෙන්නේ නම් මැතිවරණ සදහා වැය වන මුදල් ඉතිරිවන බවට එක්සත් ජාතික පක්ෂය මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මීට පෙර කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රතිචාර දැක්වූවා.

එහිදි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා සිටියේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය සදහා පමණක් රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට එකඟ වූ බවයි.

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගේ එම ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (28) යළි ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ රට තවදුරටත් නිවැරදි මාවතේ ගෙනයාමට නම්  මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වා අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවදුරටත් ජනාධිපති  ධූරයේ රැදී සිටිය යුතු බවයි .