2024 මෙව​ර සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකු අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

එම පැමිණිලි වලට අනු​ව මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවටත්, විශේෂ අවශ්‍යතා සිසුන් දෙදෙනකුටත් පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවට​ත් චෝදනා එල්ලවී තිබේ.

ඊයේ (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණි.