බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ “රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතව  සිවිල් සංවිධාන කිහිපයක් එක්ව, පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනක් පැමිණීම හේතුවෙන්.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී එම ස්ථානයෙන් ගමන්කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාවයේ නිරත පිරිසගෙන් බාධා එල්ලවිය.