ගැටුම් අවසන් නොකළහොත් සුඩානය ව්‍යවසනයක් කරා ගමන් කරනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැරළිකරුවන් සහ සුඩාන හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 500කට අධික පිරිසක් මියගොස් ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම ලක්ෂ 5කට අධික පිරිසක් අවතැන් වී ඇති බවත් තවත් ලක්ෂයක් රටින් පිටව ගොස් ඇති බවත් සුඩානයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත.

සුඩානයේ ජනගහනයෙන් තුනෙන් එකකට, එනම් මිලියන 16 කට ආසන්න පිරිසකට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය බව ඔහු තවදුරටත් පෙන්වා දි තිබේ.

නිර්මාණි ගුණරත්න