මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති  බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති  බන්දුල ගුණවර්ධන පැවසීය.

එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බව ඇමතිවරයා අද (03) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දි සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මඟ නැඟුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.”