වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් 35,000 ක දීමනාව සමාන දීමනාවක් තමන්ටද අවශ්‍ය බව කියමින් සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ සිය ගැටලුවට විසදුමක් නොලැබුණහොත් ලබන 19 වනදා සිට  අත්හිටවූ වර්ජනය යළි ආරම්භ කරන බවයි.