වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතු වලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.