මෙවර  හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා

සමහර අවස්ථාවල එහි  උණුසුම සෙල්සියස් 50 ඉක්මවා තිබුණ බව වාර්තා වේ .

එම දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදයාම හේතුවෙන් මෙලෙස මි​ය පුද්ගලයන් නීතී විරෝධි ලෙස පැමිණි වන්දනාකරුවන් බව සෞදි අරාබිය පවසනවා

මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති අතර ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බවත් වාර්තා වී තිබෙනවා

කෙසේ නමු​ත් දැඩි උණුසුම නිසා රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නොමැති බවද සදහන්