හැරී පෝටර් කතා​වේ කතුවරිය වන ජේ.කේ රෝව්ලින්ග් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි ඩෆීර්ට මරණීය තර්ජන එල්ල කරමින් අන්තර්ජාල පණිවුඩ පළ කළ පුද්ගලයෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

31 හැවිරිදි ගැලන් මුලන් නැමති මෙම පුද්ලගයා ජේ.කේ රෝව්ලින්ග් මහත්මියට මිටියකින් පහරදී ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටින​වා

එසේ​ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි ඩෆීර්ට වෙඩි තබා ඝාතනය කරන බවටත් මොහු  ප්‍රකාශ කර ඇති බවට වෙස්මිනිස්ටර් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා

පැවති නඩු විභාගයකදී තර්ජනාත්මක පණිවුඩ යැවීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් ගැලන් මුලන් විසින් පිළිගත් අතර අත්හිටවූ සිරදඬුවම් දෙකක් ද ඔහුට නියම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි