හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන​වා

ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක්  වන මෙ​ය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබනවා

එසේ නමුත් මෙම ගුවන්තොටුපළ  ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් හදුනාගනු ලැබූ බැවින් එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමා සහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.