නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරියගේ හැසිරීම ඉතා අයහපත් බවත් ඇයගේ පාලන කාලයේ නැගෙනහිර පළාතේ දුෂණ වංචා රැසක් සිදුවූ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකක්ම සානක්‍යන් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර සෙන්දිල්තො ණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.

හිටපු ආණ්ඩුකාරවරිය කාලයේ පැවති නැගෙනහිර පළාත් සංවර්ධන කමිටු රැස්වීම් බොහෝමයක්ම දැඩි ඝට්ටන මධ්‍යයේදි පැවතුණු බවද එකල සිදුවු දුෂණ වංචා වලට මන්ත්‍රීවරු කිහිපදෙනෙකු උපකාර කළ කළේ යැයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එවක සංවර්ධන කමිටු රැස්වීම් වලදි නොගත් තීරණ පවා පසුව සංවර්ධන කමිටු වල ගත්තී රණ ලෙස ඉදිරිපත් කෙරුණු අවස්ථා තිබුණු බව පැවසු රාසමානික්කම් මන්ත්‍රීවරයා එවක රැස්වීම් වලදි ජනතා අවශ්‍යතා වලට වඩා ඇතැම් පුද්ගලයින්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් තීරණ ගැනුණු එවා යැයිද පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

ඉතා සුළු සංවර්ධන කටයුතු වලට පවා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට සිදු වුණා. මෙම කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නිළධාරීන්ට එරෙහිව තර්ජන පවා සිදු කර තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාතේ සිදු වන චංචා දුෂණ වලට එරෙහිව කටයුතු කරන්නේ නම් ඔහුට අපගේ සහයෝගය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරනු ලබනවා. එමෙන්ම පළාතේ සිදුවන සියලු සංවර්ධන කටයුතු වලදී සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් පිළිබදවත ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටිනවා.

රාජිනි මෙන්ඩිස්