හෙරොයින් ජාවාරමේ නිරත වුණු කාන්තාවක් සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්රල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය දා අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කෝප්රල්වරයා ලබන මැයි 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්රාත් අභිමානී සෙනවිරත්න මෙනවිය එහිදී නියෝග කළාය.
පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවකගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම්වලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වු බවය.
අදාළ කාන්තාව විසින් ලබාදුන් හෙරොයින් යතුරුපැදියකින් බෙදාහැරීමේ කටයුතු කාලයක සිට මොහු විසින් සිදුකර ඇති බවත්, සැකකාර කෝප්රල්වරයා අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු බවත්, අනාවරණය වී ඇති බව ද පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.