ඉකුත් මාසයේ දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන පථයේ සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන දියතලාව, ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර ඇය බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉකුත් අප්‍රේල් 21 වනදා දියතලාව නරියා කන්ද ධවන පථයේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි විය. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 8ක් වන කුඩා දැරියකද වන අතර අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 21කි.