දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලි අනතුර සම්බ්න්ධයෙන් තරගකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28 වරටත් සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවත් වූයේ වසර 5කට පසුවයි.

මෙහිදි මෝටර් රථයක් ධාවන පථයෙන් ලිස්සා සිදුවූ අනතුරෙන් මෙහෙයුම් නිළධාරින් ඇතුළු එම ස්ථානයේ රැදීසිටි 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණ අතර පුද්ගලයින් 21 දෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම සිදුවීමෙන් අනතුරුව ,තරගාවලියේ ඉතිරි තරග අත්හිටුවීමට තරග සංවිධායකින් කටයුතු කරනු ලැබුවා.