එළඹෙන ජුනි මාසයේ දී ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් මූලික කරගෙ​න ආරම්භ වන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය​ට සුදුසුකම් ලබා ඇති තරග තීරකවරුන් සහ විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලිය සඳහා විනිසුරුවරුන් විසි දෙනෙක් සහ තරග තීරකවරුන් හය දෙනෙකු ඇතුලත්ව ලැයිස්තුවක් නිවේදනය කර ඇති අතර එය​ට ලාංකිකයන් දෙදෙනෙකු ද ඇතුලත්ව තිබෙනවා.

දින 28ක් පුරාවට, ස්ථාන 9ක දී කණ්ඩායම් 20ක් එකිනෙකා ගා ගැටෙන තරග 55ක පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා කෙස් බ්‍රවුන්, කුමාර ධර්මසේන, ක්‍රිස් ගැෆනි (Chris Gaffaney), මයිකල් ගෝහ් (Michael Gough), ඒඩ්‍රියන් හොල්ඩ්ස්ටොක්, රිචර්ඩ් ඉලින්ග්වෝත්, අලාඋද්දීන් පලේකාර්, රිචර්ඩ් කෙටල්බර්ග්, ජයරාමන් මදනගෝපාල්, නිටින් මෙනන්, සෑම් නගස්කි (Sam Nogajski), අශාන් රාසා, රශීඩ් රියාස්, පෝල් රෆායල්, ලැන්ග්ටන් රසරේ, ශහීඩ් සායිකට්, රොඩ්නි ටකර්, ඇලෙක් ව්‍රාෆ්, ජොඑල් විල්සන් සහ අසිස් යාකබ් යන තෝරාගෙන තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර ඇති තරග තීරකවරුන් වන්නේ, ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රව්, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෘ පයික්‍රොෆ්ට් (Andrew Pycroft), රිචී රිචර්ඩ්සන් සහ ජග්වාල් ශ්‍රීනාත් යන අය අදාළ තරගාවලියේ තීරකවරුන් ලෙස නම් කර ඇත.