එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ, වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම පියවර ගන්නා බවයි.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.