ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන් බව පොදුජන පෙරමුණ පවසයි. එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔවුන් සඳහන් කරයි.

මේ වනවිට දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ඡා වට ගණන 7 ක් වන අතර පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ද ජනාධිපතිවරයා වෙත දැනුම්දුන් බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 26 වැනි දා අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එතැන් සිට ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බවද පොදුජන පෙරමුණ සඳහන් කරයි.