2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල අයදුම්පත් භාර ගැනීම අද (27) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ලබන 14 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කරනු ලබන අත​ර මෙවර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

වැඩිදුර විස්තර Www.onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි අතර දුරකතන අංක 0112784537,0112786616 මගින් හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය මගින් ද විස්තර ලබා ගත හැක.