54 වැනි ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල (IFFI) පසුගිය 20 වන සඳුදා ගෝව හි පිහිටි Shyama Prasad Mukherjee  ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. Shahid Kapoor, Madhuri Dixit, Nushratt Bharucha ඇතුළු බොලිවුඩ් තරු රැසකගේ මනරම් ඉදිරිපත් කිරීම් වලින් උළෙලේ සමාරම්භක උත්සවය වර්ණවත් වී තිබුණා. එමෙන්ම හොලිවුඩ් නිළි Catherine Zeta Jones, AR Rahman, Vidya Balan, Karan Johar සහ Sara Ali Khan යන ශිල්පීන් සහ ශිල්පිනියන් සමාරම්භක උළෙලට සහභාගී වී තිබෙනවා. උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් තිරගත කෙරුණේ Catching Dust නම් බ්‍රිතාන්‍ය චිත්‍රපටය යි.

මෙම උළෙලේදී ලෝක චිත්‍රපට මංගල දර්ශන 13 ක්, ජාත්‍යන්තර මංගල දර්ශන 18 ක්, ආසියානු මංගල දර්ශන 62 ක් සහ ඉන්දීය මංගල දර්ශන 89 ක් ඇතුළත් වීම විශේෂයි.

ඉන්දීය සිනමා කරු Shekhar Kapur මෙවර 54 වැනි ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලේ පංච පුද්ගල ජූරියේ සභාපති ධුරය දරන අතර, ස්පාඤ්ඤ ජාතික සිනමාකරු  Jose Luis Alcaine සමඟ Jerome Paillard, Catherine Dussart, සහ  Helen Leake යන නිශ්පාදකවරුන්ගෙන් අනෙකුත් සාමාජිකයින් සමන්විත වනවා.

මෙවර උලෙළට හඳුන්වා දුන් හොඳම වෙබ් කතා මාලාව (best web series -OTT) තෝරාගැනීම සඳහා වන පංච පුද්ගල ජූරියේ සභාපතීත්වය ජනප්‍රිය සිනමාකරු Rajkumar Hirani ට හිමි වී තිබෙනවා.

මෙම උළෙල නොවැම්බර් 28 වන දින අවසන් විමට නියමිත අතර, සමාප්ති උළෙල බොලිවුඩ් නළු Ayushmann Khurrana ගේ සහ සංගීත අධ්‍යක්ෂක Amit Trivediගේ ඉදිරිපත් කිරීම් වලින් හැඩ වීමට නියමිතයි.