ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 73 වන වියේ පසු විය.

හසන් මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසේ අද (මැයි 17) සවස 6:00 දක්වා තැන්පත් කර තබන බවත් සවස 6:15ට මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බව ත්  සදහන් වේ.

ටෝනි හසන් හින්දි ගීත ගායනයෙන් ජනාදරයට පත් වූ ගායන ශිල්පියෙකි.

සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක,නිරෝෂා විරාජිනී, මාලනී බුලත් සිංහල,චම්පා කල්හාරි, ලතා වල්පොල හා චාන්දනී හෙට්ටිආරච්චි ආදීන් කලාකරුවන්  සමග ඔහු ගීත 40 කට ආසන්න ප්‍රමාණයකට දායකවී ඇත.