තමන් කිසිවිටකත් රට බන්කොලොත්භාවයට පත් කිරීමට කටයුතු නොකරන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත.

ඇමරිකාවේ  ණය ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා එරට ජනාධිපති ජෝ බයිඩන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔවුන් එහිදී රාජ්‍ය වියදම් සීමා කිරීම පිළිබඳව එකඟතා රැසකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම එකඟතා අතර අමෙරිකානු ජනාධිපතිගේ ආසියානු නිල සංචාරය ද අවලංගු කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වක් වේ.

කෙසේවෙතත් වනවිට බලපැවැත්වෙන ණය ලබා ගැනීමේ සීමාව ඉහළ දැමීම පිළිබඳව නිශ්චිත එකඟතාවයකට නොපැමිණි බව කතානායක කෙවින් මැකාති සඳහන් කර ඇත.

මෙම සති අන්තයට පෙර ඒ පිළිබඳව අවසන් තීරණයකට පැමිණෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න