ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (25) නිවේදනය කළේය.

ඒ අනුව අද දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 400, 500, හා 750 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින් තරග නැරඹීමට පැමිණීමේ දී තමන්ගේ QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ලෙස) රැගෙන පැමිණිය යුතු බවද ක්‍රිකට් ආයතනය පවසා සිටියේය.

www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

කවිදු කාරියවසම්