කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් සමග ඊයේ (17) සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවකට පහරදුන් බවට එල්ලවන චෝදනා හමුවේය.

සැකකාර වෛද්‍යවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

කනිෂ්ඨ සේවකයින් විසි​න් පවත්වාගෙන ගිය උද්ඝෝෂණ වල​ට සම්බන්ධ වීම පිළිබද දොස් පැවරීමේදී වෛද්‍යවරයා හා මෙම සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇතිවී ඇත.

පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින්  මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද  දැනුවත් කොට ඇති අතර පසුව මෙකි සිද්ධිය සමථයකට පත්ව ඇත.