USAID Clean Cities, Blue Ocean වැඩසටහෙන් මූල්‍ය අනුග්‍රාහය ඇතිව ජනතාක්ෂණ් ගැරන්ටි ලිමිටඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආකෘතියක් හරහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය පසුගිය 05වැනිදා කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, කඩුවෙල මහා නඟර සභාව, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය – බස්නාහිර පළාත, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, USAID Clean Cities, Blue Ocean වැඩසටහන ඇතුළු රජයේ සහ ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයතනයන්හි නියෝජිතයින් පිරිසක්ද සහභාගි විය.

මෙම ව්‍යාපෘතියේ මෙන්ම මෙම උත්සවයේ අරමුණ වූවේ අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන් ප්‍රමුඛ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ ආකෘතිය ප්‍රවර්ධනය කිරීමත් ඒ සම්බන්ධ අදහස් බෙදා හදා ගැනීම සහ දැනුම බෙදා ගැනීමත් මෙම ක්‍රියාවලිය ආදර්ශයට ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා තුළද මේ ආකාරයේ යාන්ත්‍රණයක් ගොඩ නගා ගැනීමට මග පෙන්වීමයි.
මෙම උත්සවයට සහභාගී වෙමින් අදහස් පලකළ USAID නිකසල නගර වැඩසටහනෙහි ජාතික අධ්‍යක්ෂක නිලංකා විජේනායක මහත්මිය සදහන් කළේ ජනතාක්ෂණ් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබු ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී එකක් බවත් එමගින් අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති වූ බවත් ය.

මෙම ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ ප්‍රජාව තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම දක්වා වූ ව්‍යාපෘතියේ නිශ්චිත අරමුණු, අතිවිශිෂ්ට මට්ටමින් සාර්ථකත්වයට පත්කර ගැනීමට ජනතාක්ෂණ් ආයතනය සමත් වූ බව ජනතාක්ෂණ් ගැරන්ට් ලිමිටඩ් ආයතනයේ විධායක නිලධාරී ආචාර්ය ජානක හේමතිලක මහතා මෙම උත්සවය අමතමින් වැඩිදුරටත් සදහන් කළේය.

ව්‍යාපෘති අවසන් කිරීමේ උත්සවය අතරතුර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශ්ලේෂණයක් මෙන්ම ව්‍යාපෘතියේ බලපෑම සහ යහ භාවිතයන් බෙදා ගැනීම, සාකච්ඡා මණ්ඩප ද්ව්ත්වයක් මඟින් සිදුකරන ලදි.