ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදි අවධානය යොමුව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දෙනු ලැබූවේය.
ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජපානයේ ඇති සූදානම සම්බන්ධව ජපාන නියෝජිත පිරිස විසින් වැඩිදුරටත් මෙම හමුවේදී අවධාරණය කරණ ලදි.