උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට 39% ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.
අද (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව සඳහන් කළේය.
එම සමීක්ෂණයේදී ජාතික ජන බලවේගයට 20% ප්‍රතිශතයක්, පොදුජන පෙරමුණට 9% ප්‍රතිශතයක්, එක්සත් ජාතික පක්ෂයට 5% ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 5% ප්‍රතිශතයක් තිබෙන බවද හෙළි වී ඇති බව අශෝක් අබේසිංහ එහිදි පැවසීය.
උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නැති බවත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා 11% ක පමණ ප්‍රතිශතයක් සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇති බවත් සමගි ජනබලවේගයට පහසුවෙන් එම ප්‍රතිශතයට ලගාවිය හැකි බවත් අබේසිංහ කීය.