ඊයේ (02) දිනයේදී වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ 2000කට අධික විධායක නිලධාරීන් පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වුණා.

මේ අතර, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත රජයේ විධායක නිලධාරීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණ විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර, වැටුප් හා දීමනා ගැටලු‍වක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල‍ අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතුවලට බලපෑම් එල්ලවී තිබෙනවා.