මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති වී ඇත.
පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවය.
පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ ඊයේ (03) පස්වරු 6.16 ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවය.
එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බව සඳහන් වන අතර භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.