සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තවද ඉදිරි ජනාධිපතිවරණයට තරගකරනවාදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවයි.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගත හැකිවනු ඇති බවත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන ආකාරයේ අතිවිශාල ණය කපාහැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මෙම වසර තුළ වැටුප් වැඩි නොකරන බවට දැනුම්දී ඇති පසුබිමක දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තීය සමිති වැඩවර්ජන වල නිරතව සිටින බවයි.