ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් වූ ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරිණා

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක් වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් සැකකාරියට නියෝග කර තිබේ.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

කෙසේ වෙතත් මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැත.