මෙරට දෛනික  බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, මෙරට දෛනිකව බිත්තර පරිභෝජනය මිලියන 7 ඉක්මවා ඇති බවට වාර්තා වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළා.

සංචාරක කර්මාන්තය තුළ විදේශ සංචාරකයින් ඉහළ යාම, මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වඩි දුරටත් සදහන් කළා .