පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළිලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කර ඇත්

එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත්තේය.

කෙසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට ද මෙහිදී තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.