අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැති මෙම සාකච්ඡාවේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම තීරණ පහත පරිදි වන බව වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කර ඇත.

එසේම අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාාජිකත්වය ලබා ගැනිමට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග වෙත යොමුවිමටද තීරණය කර තිබේ. ඒ පිළිබඳව පක්ෂයේ විනය කමිටුවට දැනුම් දීමට තීරණය කෙරී ඇත.

මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැය 3ක පමණ කාලයක් පවත්වා ඇති නමුත් පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊට සහභාගි ⁣වී නොමැත.

පක්ෂයේ මින් පෙර නොතිබු ජාතික කැදවුම්කරු යන තනතුරටකට රෝහිත අබේගුණවර්ධන පත්කිරිම පිළිබඳවද එම පක්ෂයේ සාමාජිකයන් අතර කතාබහක් නිර්මාණය වී ඇත