ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම පිණිස බවත් මැතිවරණ නොතබමින් එය කල් දැමුවහොත් එජාපයේ අවසානය සිදුවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි..

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී මාධ්‍ය අමතමිනි.

“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත්. ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි. අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවත් කියන්නෙ නැහැ. නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට.නැතිව වෙන මොන පක්ෂ ගැනවත් නොවේ.”