රාජාණ්ඩුවට අපහාස කළ බවට චෝදනා ගොනු කෙරුණු තායිලන්තයේ බලගතු දේශපාලඥයෙක් වන හිටපු අගමැති තක්ෂින් ෂිනවත්රාට ඇප ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් ජූලි 3 සහ ජුලි 10 තවත් නඩු දෙකක නඩු විභාගයන් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙන් වෙන් වශයෙන් දින නියම කර තිබෙනවා.
එම නඩු ගොනු කර ඇත්තේ එරට විපක්ෂය විසින්.
තයිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කිරීම පිළිබඳ නීතියට අනුව රාජාණ්ඩුවට අපහාස කරන ඕනාම පුද්ගලයෙකුට වසර තුන සිට 15 දක්වා සිර දඬුවම් ලැබිය හැකියි.
එය ගෝලීය වශයෙන් එවැනි දරුණුතම නීති අතර වන අතර රජයේ විවේචකයන්ට දඬුවම් කිරීම සඳහා තායිලන්තය අතීතයේ සිටම භාවිතා කර තිබෙනවා.