රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි .

රුසියානු  ජනාධිපති පුටින් වසර 24 කට පසුව මෙලෙ​ස උතුරු කොරියාවේ සංචාරය කරන බව ​විදෙස් මාධ්‍ය වාර්තා කරයි

උතුරු කොරියාවට පැමි​ණි රුසියානු ජනාධිපතිවරයාව පිළිගැනීමට  උතුරු කොරියානු නායක කිම් ජොන් උන්   ගුවන්තොටුපොළ පැමිණ තිබෙනවා

කෙසේ වෙතත් රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින සබඳතාව පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ​ඇමරිකාව පවසා ඇති බව වාර්තා වේ.

මෙ​ම මිත්‍රශීලී රාජ්‍ය සංචාරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ කිම් ජොන් උන් අතර ආරක්ෂක ගැටලු ඇතුළු හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ක්‍රෙම්ලිනය පවසා තිබෙනවා