මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා
සමහර අවස්ථාවල එහි උණුසුම සෙල්සියස් 50 ඉක්මවා තිබුණ බව වාර්තා වේ .
එම දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදයාම හේතුවෙන් මෙලෙස මිය පුද්ගලයන් නීතී විරෝධි ලෙස පැමිණි වන්දනාකරුවන් බව සෞදි අරාබිය පවසනවා
මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති අතර ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බවත් වාර්තා වී තිබෙනවා
කෙසේ නමුත් දැඩි උණුසුම නිසා රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නොමැති බවද සදහන්