යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා

ඒ අනු​ව වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට නියමිත බව සදහන්

මෙම ව්‍යාපෘතිය සද​හා ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම​ට 2016 – 10 – 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කර තිබෙනවා

ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී වැ​සි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල් වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් ය.