ලොව ප්‍රකට බැට්මෑන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සංචාරයක් සදහා ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුව පිළිගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් ද තබා ඇත.

UL 115 දරන ගුවන් යානය වෙත ජනප්‍රිය නළුවෙකු වන ක්‍රිස්ටියන් බේල් පිළිගැනීමට ලැබීම ගැන සතුටට පත් වන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය සටහනේ සඳහන් කර ඇත.
 

Batman චරිතය සිනමා රසිකයක් ආදරයෙන් වැලඳගත් චරිතක් මෙන්ම Bale ගෙ නම ප්‍රේක්ශකයන් අතරට මුලින්ම රැගෙන ගිය චරිතයක් ලෙස අදටත් එය සැලකේ.

නිර්මාණි ගුණරත්න