පසුගියදා නිකුත් වූ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ පළමු ගුවන් ක්‍රියාදාම චිත්‍රපටය ලෙස හඳුන්වන ‘FIGHTER’ නීතිමය ගැටලුවකට මුහුණ පා තිබෙනවා. චිත්‍රපටයේ ඇති ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් ලෙස චරිත නිරූපණය කරන චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් යුවල වන Hrithik Roshan සහ Deepika Padukone ඉන්දීය ගුවන් හමුදා නිළ ඇඳුමින් පෙනී සිටින තොල් සිපගැනීමේ දර්ශනයක් හේතුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අගෞරවයක් සහ සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව දක්වමින් ඉන්දීය ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් Saumya Deep Das විසින් චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ Siddharth Anand වෙතින් එරට මාධ්‍ය සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවටම ඉන්දීය ගුවන් හමුදාව හා සහයෝගයෙන් කටයුතු කල බවත් චිත්‍රපටය නිකුත් කිරීමට පෙර ගුවන් හමුදා ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්ට සහ රට පුරා සිටින එයාර් මාර්ෂල්වරුන් 100 කට පූර්ව දර්ශනයක් පැවැත් වූ අතර, එම සියළුම දෙනා මෙම චිත්‍රපටය බෙහෙවින් අගය කළ බවයි.