ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පස්වරු 7.30ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී තරග වදින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. අවසන් තරගයකට සුදුසුකම් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙය වන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය කලානිධි මාරන් විසින් දරණ අතර, සුපිරි නළු ෂාරුක් ඛාන් කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබයි.

පසුගිය මාර්තු මස 3 වැනිදා ආරම්භ කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟවලිය අද දක්වා කාල සටහන් දෙකක් යටතේ පැවැත්වුණු අතර මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරඟ 09ක් ජයගෙන තිබුණි.

සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණදී ඇති අතර, ඉන් තරඟ 08ක් ජයගෙන ඇත.