Jurassic World චිත්‍රපට මාලාවේ 4වන චිත්‍රපටය 2025 ජුලි 25 වන දින සිට තිරගත කිරීමට නියමිත බව Universal Pictures සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. “Bullet Train” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ David Leitch චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර, “Jurassic Park” සහ “The Lost World: Jurassic Park,” ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් තිර රචනය කළ David Koepp විසින් මෙම චිත්‍රපටය තිර රචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Jurassic Park චිත්‍රපට මාලාවේ හෝ Jurassic World චිත්‍රපට මාලාවේ රඟපෑ Chris Pratt, Bryce Dallas Howard, Sam Neill, Laura Dern වැනි රංගන ශිල්පීන් කිසිවෙක් නව චිත්‍රපටයෙන් දක්නට නොලැබෙනු ඇති අතර, නවමු කතා තේමාවකින් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

Jurassic Park චිත්‍රපටය ලොවට දායාද කළ Steven Spielberg විධායක නිෂ්පාදනයෙන් 87North සමාගම වෙනුවෙන් David Leitch විසින් Kelly McCormickගේ නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ නම නිල වශයෙන් වාර්තා කර නැහැ.