මේ දිනවල යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවේ සංගීත වැඩසටහනක ශූරතාවය දිනූ කිල්මිශා උදයශීලන් දැරිය හමු වී එම ජයග්‍රහණය පිළීබඳ ව සුබ පැතුම් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

ඉන්දියාවේ Zee Tamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ – Season 03 සංගීත වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ යාපනයේ පදිංචි 14 හැවිරිදි කිල්මිශා සිය පවුලේ සාමාජිකයින් සමග ජනපතිතුමා හමුවට පැමිණ සිටි අතර, එහිදී ජනපතිතුමා වෙනුවෙන් ගීත කොටසක් ගායනා කිරීමටද ඇය කටයුතු කළා.