උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට 39% ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

අද (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමි​න් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව සඳහන් කළේය.

එම සමීක්ෂණයේදී ජාතික ජන බලවේගයට 20% ප්‍රතිශතයක්, පොදුජන පෙරමුණට 9% ප්‍රතිශතයක්, එක්සත් ජාතික පක්ෂයට 5% ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 5% ප්‍රතිශතයක් තිබෙන බවද හෙළි වී ඇති බව අශෝක් අබේසිංහ එහිදි පැවසී​ය.

උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නැති බවත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා 11% ක පමණ ප්‍රතිශතයක් සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇති බවත් සමගි ජනබලවේගයට පහසුවෙන් එම ප්‍රතිශතයට ලගාවිය හැකි බවත් අබේසිංහ කීය.